Posts

Showing posts from April, 2019
භුමි භූගෝල විද්‍යාත්මක ගවේෂණයකි Tuesday, August 12, 2014 තරංග ඛාදනය හා නිධිසාදනය (වෙරළ ඛාදිත හා නිධි සාදිත භු රූප / රළ බුන් භූ රූප) . 1 කොටස පෘථිවි තලයෙන් ඉතා විශාල ප්‍රමාණයක් පවතින්නේ සාගරය ය. මේ විශාල සාගරික ප්‍රදේශයන් ගොඩබිම හා සම්බන්ධ වන සංක්‍රාන්ති කලාපයක් සේ හැදින්විය හැකි වෙරළ ප්‍රදේශයන් (coastal environment / costal zone ) ඉතා මනස්කාන්ත මෙන්ම සුන්දර ස්ථානද වේ. මුහුදු රළ ඉම නිරන්තරයෙන් චලන‍ය වේ. මේ චලනයන් හට ගන්නේ කෙසේද?‍ මුහුදු වෙරළේ රළ හටගනු ලබන්නේ පෘථිවියේ භ්‍රමණය, උදම් චලන, සුළඟ, වර්ෂණය, වාෂ්පීභවනය, මුහුදු ජලයේ උෂ්ණත්වය ලවණතාවය, ගුරුත්වය, සමුද්‍රස්ථ භූමිකම්පා, ගොඩබිමින් සාගරයට ගලා එන ජලය ආදි හේතු / ක්‍රියාවලි රැසක් හේතු කරගෙනයි. මෙසේ ඇතිවන ක්‍රියාවලි උත්පාදනය කරනු ලබන ශක්තිය මඟින් නග්නිකරණ ක්‍රියාවට පණ දෙමින් භු රූප රැසක් නිර්මාණය කරනු ලබයි. පෘථිවියේ භෞතික ලක්ෂණ නම් කෘතියේදි ආචාරය ධනපාල මහතා පෙන්වා දෙන ආකාරයට (භෞතික භූගෝල විද්‍යා මුලධර්ම නම් එෆ්. ජේ මොන්ක්හවුස් මහතාගේ ග්‍රන්ථයේ 211 වැනි පිටුවේද මේ පිළිබඳව දක්වා ඇත) අත්ලාන්තික්...